නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක් වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාව තුළ ඵලදායිතාවය ප්‍රවර්ධනය කිරීමෙහි ලා කටයුතු කරයි.

පසුබිම

ශ්‍රී ලංකාව වර්ෂ 1966 දී ආසියානු ඵලදායිතා සංවිධානයේ නිත්‍ය සාමජිකත්වය ලබාගැනීමත් සමගම විවිධ වූ ඵලදායිතා උපාය මාර්ගික සැලසුම් රැසක් සමගින් ඵලදායිතා මග වෙත ඉතා සුපසන් අන්දමින් පිවිසුණි.

එම සැලසුම් සියල්ල මනා ලෙස සම්බන්ධීකරණය කරමින්, වර්ෂ 1997-2006 දක්වා වූ කාල පරාසය ඵලදායිතා දශකය ලෙස නාමකරණය කරමින්, දේශීය වශයෙන් අනන්‍ය වූ ඵලදායිමත් වූ සංස්කෘතියක් බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකරනු ලැබුයේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසිනි.

2002 වසරේ දී රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙක සඳහාම ජාතික ඵලදායිතා ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය කම්කරු අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර රාජ්‍ය, පෞද්ගලික, පාසල් සහ ප්‍රජා යන අංශ හතර ඔස්සේ ඵලදායිතා ප්‍රවර්ධන දැනුවත් කිරීමේ වැඩසටහන්, සම්මාන ප්‍රදානෝත්සව, තරඟාවලි, ආදර්ශ සමාගම් ගොඩනැඟීම, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීම ආදී වැඩසටහන් දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරන ලදී.

2010 වර්ෂයේ දී ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත ප්‍රතිස්ථාපනය කරන ලද ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, වර්ෂ 2015 දී රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය යටතේ තම ඵලදායිතා විෂය පථය වඩාත් පුළුල් කරගන්නා ලදී.

ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලාංකීය නියෝජිත ආයතනය ලෙස කටයුතු කරනු ලබ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් එම සංවිධානය හා එක්ව ආසියා ෆැසිපික් කලාපයේ ඇති එහි අනෙකුත් සාමාජික රටවල් සමග ඒකාබද්ධව විවිධ වූ ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

දැක්ම

"ඵලදායිතා ප්‍රවර්ධනය තුලින් ශ්‍රී ලංකා සමාජ-ආර්ථික සංවර්ධනයේ  ප්‍රමුඛතම දායකයෙකු වීම."

මෙහෙවර

"සියළුම අංශයන්හි ඵලදායිතාවය දිශාගත වූ, ප්‍රතිඵල පාදක සුවිශේෂී වර්ධනයක් ගොඩනැගීම  සහ එමගින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම."

අරමුණු

  • පුහුණු , පද්ධති හා ක්‍රියාවලි සංවර්ධනය සහ විශිෂ්ඨ අත්දැකීම් හුවමාරුව තුලින් දැනුම පාදක වූ සමාජයක් ගොඩනැගීම සඳහා ආයතනික විශිෂ්ඨත්වය සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම.

  • ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන්හි ඵලදායිතාවය මැනීම, ඇගයීම සහ වර්ධනය සිදුකිරීම.

  • විවිධ අංශවල විවිධ තත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ඵලදායිතා ප්‍රමිතීන් සහ ඉලක්ක ස්ථාපිත කිරීම සහ අදාල අංශවල ප්‍රමුඛ කාර්ය සාධන දර්ශක සැකසීම.

  • ඵලදායිතා සංචලන සමග උපරිම ගැලපීම සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති ගැලපීම් පිළිබඳ උපදෙස් ලබාදීමේ දැක්මෙන් යුතුව, රාජ්‍ය අංශය හා සම්බන්ධ අමාත්‍යාංශ හා නියෝජිතායතන වල නව ප්‍රතිපත්ති තක්සේරු කිරීම.

  • ඵලදායිතා හා ගුණාත්මක ප්‍රවර්ධන සහ හවුල්කාරී වැඩසටහන් තුලින් ඵලදායිතා විඥාණය හා නිර්මාණශීලි සංස්කෘතියක් ආරෝපණය කිරීම.

උපාය මාර්ග

  • ඵලදායිතා ප්‍රවර්ධනය සඳහා කැප වූ පුහුණුකරුවන්, විශේෂඥයින්, උපදේශකයින් සහ ඵලදායිතා විගණකවරුන්ගෙන් සමන්විත ජාතික සංචිතයක් පිහිටුවීම.

  • ජනමාධ්‍ය මගින්  සාමාන්‍ය ජනතාව වෙත  පුළුල් ලෙස ව්‍යාප්ත වූ  දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා , මාධ්‍ය සන්නිවේදන ජාලයක් දියත් කිරීම.

  • සියළුම අංශ ආවරණය වන පරිදි ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන ජාතික ව්‍යාපාරයක් ලෙස සමාජගත කිරීම.

  • දැනුම කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් නවෝත්පාදන සහ නිර්මාණශීලීත්වය දිරිමත් කිරීම.

  • රට තුළ ඵලදායී වැඩ සංස්කෘතියක් ඇති කිරීම.

  • ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධ කිරීම සහ ඵලදායිතාව තුළින් ප්‍රජාවට සහාය වීම සහ සවිබල ගැන්වීම සඳහා ක්ෂේත්‍ර මට්ටමින් සිද්ධි කළමනාකරුවන් සංවර්ධනය කිරීම.

අගයන්

 

Functions of NPS

  • Conducting Productivity Promotion Programs
  • Conducting Productivity Training Programs
    • Productivity Diploma
    • Productivity Certificate courses
    • Short courses
  • Productivity Consultancy Services (Public & Private Sector)
  • Conducting Productivity Projects
    • Kaizen Projects
    • Community Development Projects
    • Knowledge Management Projects
    • GP Cell
    • Lean hospital Projects
  • International Relations (Conducting APO workshops, e-Learnings, TES programs)
  • Special Programs
    • 5S Certification Program
    • Sectorial Productivity Development Programs
    • ICT Programs
  • Media and Propaganda (Conducting Media Programs, Launching Publications)
  • Research & Development (Productivity Data book & Newsletters)
  • National Productivity Competition & Awards Ceremony