ඔබේ ආයතනයේ 5S ක්‍රියාත්මක කිරීමේ ප්‍රමිතිය හා තිරසාරත්වය තහවුරු කිරීම සඳහා වෘත්තිමය 5S විගණන කණ්ඩායම් පුහුණු කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක්…

ඔබේ ආයතන තුළ ශක්තිමත් 5S විගණන කණ්ඩායම් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම හා නිපුණතාව ලබාදීම සඳහා 5S විගණනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් 5S විගණක නිලධාරින් පුහුණු කිරීමේ තෙදින විශේෂ පුහුණු වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කෙරේ.
මෙම පුහුණු වැඩසටහන 2024 ජූනි 03, 04 සහ 05 දිනයන්හීදි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේදි පැවැත්වේ
මෙම පුහුණු වැඩසටහන මගින්...
• 5S සංකල්පයේ ප්‍රායෝගික භාවිතය පිළිබද දැනුම ලබා දීම
• 5S විගණනය සහ ආයතනික කාර්ය දර්ශක අතර අන්තර්සම්බන්ධය
• 5S විගණනය සිදු කිරීම සම්බන්ධ පූර්ණ අවබෝධය ලබා දීම
• තෝරාගත් ආයතනයක 5S විගණනයක් සිදු කිරීම මගින් ප්‍රායෝගික අවබෝධය ලබා දීම (Practical Session)
• විගණන ප්‍රතිඵල අර්ථකථනය කිරීම සහ පසුවිපරම
ඔබේ ආයතනය තුළත් 5S විගණන කණ්ඩායමක් ස්ථාපිත කර ගැනීමට මෙම පුහුණු වැඩසටහන සඳහා පහත සබැඳිය මගින් 2024 මැයි 30 දිනට පෙර අයදුම් කරන්න.
https://forms.gle/VZJYA97rjcwMBU4V8
සැ.යු.: ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙන බැවින් සීමිත සංඛ්‍යාවක් පමණක් සහභාගි කරගනු ලබන බැවින් මුලින් අයදුම් කරන ආයතන/ නිලධාරින් හට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
 වැඩි විස්තර සඳහා දු.ක. 0112186031 මගින් සුගත් දසනායක මහතා අමතන්න.

 

fb.jpeg